හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.
සැකකරු විසින් අද අලුයම 12.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ චොකලට් ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15ක් තුළ මෙම හෂීස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගෙන ඇති අතර එය තුළ කිලෝ 04 ග්‍රෑම් 778ක හෂීස් තොගයක් සඟවා සැකකරු විසින් මෙරටට රැගෙන විත් ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසුවේ මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසකට ආසන්න වන බවය.
සැකකරු අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහි නඩු 4ක තීන්දු මැයි අගදී
අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය
විජේ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි
ජලාශ 14ක් වාන් දමයි! ජනතාවට දැනුම්දීමක්!
Samsung Sri Lanka, ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව දුරකථන ද්විත්වය
ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!
උණ රෝගය නිසා වැසුණු පාසල් හෙට සහ අනිද්දා වැසෙයි
පළාත් 7කට ලොකු වැස්සක්! කාලගුණයෙ විශේෂ දැනුම්දීමක්!
කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි
දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි