සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදනම මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහිව පවරන ලද අල්ලස් නඩු 4ක තීන්දු මේ මස අගදී ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නියෝග කර තිබේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් නිසි කාර්යපටිපාටියෙන් බැහැරව අත්පිට මුදලට වඩා වැඩි මුදලකට කුලී පදනම මත වාහන ලබාගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ගොනු කරමින් මේ නඩු පවරා ඇත.
ඒ අනුව චුදිතට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තිය යටතේ ගැනෙන ‘දූෂණය’ නමැති වරද යටතේ නඩු පැවරීම කර ඇත.
බාහිර පාර්ශ්වයන්ට වාසි වන ආකාරයට වාහන 11ක් බදු පදනම මත ගැනීමෙන් රජයට රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ අනූඑක් දහසක සමස්ත පාඩුවක් සිදු කළ බවට චෝදනා කර විත්තිකරුට එරෙහිව කොමිසම මේ නඩු ගොනු කර තිබේ.

කෝටි 4කට වැඩි හෂීස් සමඟ අයෙක් කොටුවෙයි
අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය
විජේ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි
ජලාශ 14ක් වාන් දමයි! ජනතාවට දැනුම්දීමක්!
Samsung Sri Lanka, ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව දුරකථන ද්විත්වය
ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!
උණ රෝගය නිසා වැසුණු පාසල් හෙට සහ අනිද්දා වැසෙයි
පළාත් 7කට ලොකු වැස්සක්! කාලගුණයෙ විශේෂ දැනුම්දීමක්!
කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි
දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි