තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේට ජනපති අනුර කුමාර දිසානායක විසින් සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියා.
සිය සුබ පැතුම් පණිවිඩය මඟින් ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව ඉතිහාසය, සංස්කෘතිය, ව්‍යවසායකත්වය මෙන්ම පරම්පරා ගණනාවක් පුරා පවතින නොබිඳුණු දෙරටේ ප්‍රජාවන් අතර සබඳතා මගින් එකිනෙකට බැඳී පවතී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් වර්ධනය වෙමින් ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැගෙන මෙම අවධියේදී, අපගේ අනාගතය අතිමහත් ආර්ථික විභවතාවයන්ගෙන් හා අවස්ථාවන්ගෙන් පිරී පවතී.
ශක්තිමත් ඉන්දීය-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩිදුර සමෘද්ධිය සහ ප්‍රගතිය උදෙසා එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
ඔබටත් තමිල්නාඩු ජනතාවටත් සියලු සාර්ථකත්වයන් අත්වේවායි ශ්‍රී ලාංකික ජනතාව සහ මම ප්‍රාර්ථනා කරමි.”

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
අබිරහසක් ඉතිරි කර ඥාතීන්ගේ සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය කපිල චන්ද්‍රසේන
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහි නඩු 4ක තීන්දු මැයි අගදී
කෝටි 4කට වැඩි හෂීස් සමඟ අයෙක් කොටුවෙයි
අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය
විජේ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි
ජලාශ 14ක් වාන් දමයි! ජනතාවට දැනුම්දීමක්!
Samsung Sri Lanka, ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව දුරකථන ද්විත්වය
ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!
උණ රෝගය නිසා වැසුණු පාසල් හෙට සහ අනිද්දා වැසෙයි
පළාත් 7කට ලොකු වැස්සක්! කාලගුණයෙ විශේෂ දැනුම්දීමක්!
කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි