Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ ආයතනයකින් අමුතු ගණන් හැදිල්ලක්! එක් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සඳහා මසකට 16,690ක් ප්‍රමාණවත් බව හෙළි වෙයි!

13 minutes ago

ශ්‍රී ලංකාව තුළ එක් පුද්ගලයෙකුට මාසයක කාලයක් ජීවත් වීම සඳහා රුපියල් 16,690ක මුදලක් ප්‍රමාණවත් වන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ප්‍රනාන්දු නවරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 19) පාර්ලිමේන්තු සභා වාරයේදී, රටේ පවතින දරිද්‍රතා රේඛාව සහ අවම ජීවන වියදම් මට්ටම් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට සෘජුව පිළිතුරු ලබා දෙමිනි.

මෙම ගණනය කිරීම් රජය විසින් හිතුමතයට සකස් කරන ලද දත්ත නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ලෝකයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් මෙම දත්ත ගණනය කර වාර්තා කර ඇති බවද වැඩිදුරටත් සභාවට අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *