ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.
මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් අද පෙරවරුවේ රැස්වීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
“අද අපේ නියෝජිතයින් සහ අනිත් සංගම් නියෝජිතයින් එනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ, අපේ කර්මාන්තය ඉන්ධන ප්‍රශ්නයෙන් කොහොමද බේරගන්නේ කියලා. ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. ඒ අය යම් ප්රතිපත්තියක ඉන්නවා. කෙසේ වෙතත් දැන් මේ මොහොතේ කර්මාන්තය ගෙනියන්න, සියලු බස්හිමියන් එකහෙළා දැනුම්දෙනවා ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරමු කියලා. කෙසේ වෙතත් අපි සංගමයක් විදියට ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණය අද දිනයේ දැනුම් දෙනවා.”

ඉන්ධන සහනාධාරය තවත් දෙන්න බෑ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තහනම් කරමින් ගැසට් එකක්
වැසි තත්ත්වයේ වෙනසක්
ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්
වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය