මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීන ලෝකයට ගැළපෙන පරිදි පරිවර්තනය කිරීමේ අරමුණින්, කොළඹ නගරය වෙත දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ග ත්‍රිත්වයක් විදුලි දුම්රිය මාර්ග ලෙස ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත්‍රිකාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ලක්ෂ සංඛ්‍යාත මගීන් පිරිසක් ගමන් ගන්නා, අධික මගී තදබදයක් පවතින දුම්රිය මාර්ග කලාපයන් විද්‍යුත්කරණය කිරීමට නියමිතය.
මරදානේ සිට රාගම දක්වා වන දුම්රිය මාර්ග කොටස විදුලි දුම්රිය මාර්ගයක් ලෙස ඉදිකිරීම.
මරදානේ සිට මාකුඹුර (බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය) දක්වා වන දුම්රිය මාර්ග කොටස විද්‍යුත්කරණය කිරීම.
මරදානේ සිට පානදුර දක්වා වන දුම්රිය මාර්ග කොටස විදුලි දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකස් කිරීම.
දුම්රිය මාර්ග විද්‍යුත්කරණයට සමගාමීව, මගී පහසුකම් ඉහළ නැංවීම සඳහා ප්‍රධාන මාර්ගයේ පිහිටි ගම්පහ, වේයන්ගොඩ, මිරිගම සහ පොල්ගහවෙළ යන දුම්රිය ස්ථානවල පවතින ගොඩනැඟිලි සහ යටිතල පහසුකම් ද නූතන තාක්ෂණයට ගැළපෙන පරිදි පූර්ණ සංවර්ධනයකට ලක් කිරීමට මෙමඟින් පියවර ගැනේ.

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්