Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෙන්තොට මුහුදේදී අතුරුදහන් වූ ඉන්දියානු තරුණයා

6 hours ago

ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලංකාවේ බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීමට පැමිණ සිටි ඉන්දියානු ජාතික තරුණයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ (13) රාත්‍රී 7.00ට පමණ මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී තිබේ.

අදාළ සංචාරක හෝටලය ඉදිරිපිට පිහිටි මුහුදු තීරයේ දිය නාමින් සිටියදී හදිසියේ පැමිණි ප්‍රබල සැඩ රළ පහරකට හසුව මොහු මෙසේ ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් බෙන්තොට පොලීසිය වෙත වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ‘Google’ (ගූගල්) ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතුව සිටි 24 හැවිරිදි ඉන්දියානු ජාතික තරුණයෙකි.

අතුරුදහන් වූ තරුණයා සොයා බෙන්තොට පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවරයින්ගේ සහාය ඇතිව විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *