ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත්කර තිබේ.
ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරන ඒ මහතා, බැංකුකරණයේ සියලුම අංශවල වසර 20කට අධික සේවා අත්දැකීමක් ඇති අයෙකුද වේ.
ඔහු 2013 වසරේ දී මධ්‍යම පළාත් හොඳම කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන ව්‍යවසායකයා ලෙසද ඇගයීමට ලක්ව ඇත.
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සුරංජිත් වෑවිට මහතා, බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙකු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ඇති අයෙකු වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත ඊයේ (17) ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.
ඔහු තම ඉල්ලා අස්වීම විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති