Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

58 minutes ago

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත්කර තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරන ඒ මහතා, බැංකුකරණයේ සියලුම අංශවල වසර 20කට අධික සේවා අත්දැකීමක් ඇති අයෙකුද වේ.

ඔහු 2013 වසරේ දී මධ්‍යම පළාත් හොඳම කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන ව්‍යවසායකයා ලෙසද ඇගයීමට ලක්ව ඇත.

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සුරංජිත් වෑවිට මහතා, බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙකු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ඇති අයෙකු වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත ඊයේ (17) ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

ඔහු තම ඉල්ලා අස්වීම විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *