නීතිවිරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමයට මුදල් ගනුදෙනු කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ(18) සවස මෙම වැටලීම සිදුකර ඇත්තේ වේල්ලවීදිය පොලිස් වසමේදී.
එහිදී රුපියල් 10,467,000ක මුදලක් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට නොහැකි වූ 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක්ද සොයාගෙන ඇති බව සඳහන්.
සැකකරු කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඩුබායිහිදී අත්අඩංගුවට
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට නීතිඥ සංගමය දැක්වූ ප්‍රතිචාරය
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් සර්වජන බලය සමඟින් එක්වෙයි
යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට! ප්‍රතිඵල 9 හෝ ඊට පෙර!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ ගැන අගමැතිනියගෙන් පැහැදිලිකිරීමක්
පලෙයි සිද්ධිය ගැන පොලීසිය සිදුකළ විමර්ශනයෙන් කරුණු රැසක් එළියට
ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු කළ බවට පළවන ප්‍රචාරවලට පියුමි හංසමාලිගෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්! මංගල ගමන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ දෑතින්!
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයාට අධිකරණයෙන් දුන් නියෝගය