Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග

15 minutes ago

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ට අයත් සියලු බැංකු ගිණුම් පරීක්ෂා කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, ඔහු සම්බන්ධයෙන් පොලිසිය ඊයේ (19) අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මේ වන විට ශිරාන් බාසික් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරනවා.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් ඉකුත් මාර්තු මාසයේදී ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය 14 වැනිදා මෙරටට රැගෙන එනු ලැබුවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *