Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට

6 minutes ago

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ඉඩම්වල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව අගෝස්තු මස 27 වන දා නිකුත් කර ඇති වාර්තාවට අනුව 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ෂික ඉඩම් තක්සේරු දර්ශකය 11.4%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.

තව ද 2024 වසරේ පළමු භාගයේදී 4.7%ක් වූ අර්ධ වාර්ෂික වර්ධනය 2025 වසරේ පළමු භාගයේදී 8.3%ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.

ඉඩම් තක්සේරු දර්ශකය ඉහළ ගොස් ඇත්තේ කෙසේ ද?

මහ බැංකුවේ වාර්තාවට අනුව 2025 වසරේ පළමු භාගයේදී නේවාසික ඉඩම් තක්සේරුව 14.4%කින් ඉහළ ගොස් ඇති අතර වාණිජ ඉඩම් තක්සේරුව 11.5%කින් සහ කාර්මික ඉඩම් තක්සේරු දර්ශකය 8.4%කින් වර්ධනය වී ඇත.

අර්ධ වර්ෂික පදනමින් ද 2024 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයන්ට වඩා 2025 වසරේ පළමු භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනුදර්ශක ඉහළ වේගයකින් වර්ධනයක් පෙන්වන අතර එහි ඉහළ ම වර්ධනය පිළිවෙළින් නේවාසික අනුදර්ශකය හා වාණිජ අනුදර්ශකය වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම වාර්තාවේ වාර්ෂික වර්ධන දත්තවලට අනුව 2024 වසරේ පළමු භාගයේදී 8.5%ක් වූ නේවාසික ඉඩම් තක්සේරු අනුදර්ශකය 2025 වසරේ පළමු භාගයේදී 14.4%ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාණිජ ඉඩම් තක්සේරු අනුදර්ශකය 2024 වසරේ පළමු භාගයේදී 8.5%ක වාර්ෂික වර්ධන අගයක් ගෙන ඇති අතර එය 2025 වසරේ පළමු භාගය වන විට 11.5%ක් වී තිබේ.

2024 වසරේ පළමු භාගයේදී 3.7%ක් ලෙස පැවති කාර්මික ඉඩම් අනුදර්ශකය 8.4%ක් දක්වා 2025 වසරේ පළමු භාගයේදී වාර්ෂික වර්ධනයක් වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *