Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුගේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට

22 minutes ago

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ නඩුව අද(19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවා තිබෙනවා.

එහිදී නඩුවට අදාළව අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශ ඇතුළත් සී.ඩී. තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට භාරදී ඇති බව සඳහන් .

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පුද්ගලයින් හයදෙනා සිදුකළ බව කියන ප්‍රකාශවලට අදාළ සී.ඩී. තැටි මෙලෙස භාරදී තිබෙනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර තිබෙන බව සඳහන්.


පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සඳහා වවුනතිව් කඳවුරේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොතක් සිය භාරයට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙන අතර එම සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *