සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මඟින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඩුබායිහිදී අත්අඩංගුවට
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට නීතිඥ සංගමය දැක්වූ ප්‍රතිචාරය
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් සර්වජන බලය සමඟින් එක්වෙයි
යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට! ප්‍රතිඵල 9 හෝ ඊට පෙර!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ ගැන අගමැතිනියගෙන් පැහැදිලිකිරීමක්
පලෙයි සිද්ධිය ගැන පොලීසිය සිදුකළ විමර්ශනයෙන් කරුණු රැසක් එළියට
ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු කළ බවට පළවන ප්‍රචාරවලට පියුමි හංසමාලිගෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්! මංගල ගමන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ දෑතින්!
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයාට අධිකරණයෙන් දුන් නියෝගය