මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇත.
වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.95%ක්ම, එනම් රෝගීන් 49,163 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර රෝගීන් 19,778ක් (21.30%) වාර්තා වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433ක් (19.85%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695ක් (7.21%) හඳුනාගෙන ඇත.
එමෙන්ම පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි.
මේ අතර අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 7516 දෙනෙකු හඳුනාගෙන ඇත.
කෙසේවෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ.

තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඩුබායිහිදී අත්අඩංගුවට
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට නීතිඥ සංගමය දැක්වූ ප්‍රතිචාරය
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් සර්වජන බලය සමඟින් එක්වෙයි
යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට! ප්‍රතිඵල 9 හෝ ඊට පෙර!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ ගැන අගමැතිනියගෙන් පැහැදිලිකිරීමක්
පලෙයි සිද්ධිය ගැන පොලීසිය සිදුකළ විමර්ශනයෙන් කරුණු රැසක් එළියට
ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු කළ බවට පළවන ප්‍රචාරවලට පියුමි හංසමාලිගෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්! මංගල ගමන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ දෑතින්!
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයාට අධිකරණයෙන් දුන් නියෝගය