ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු පිරිසකට දැඩි දඬුවම් පැමිණවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) පියවර ගෙන තිබේ. ඒ අනුව, ස්පාඤ්ඤයේ එරික් ගාර්සියාගේ ගෙල තදින් අල්ලා ගැනීම සහ ගාවි බිමට තල්ලු කර දැමීම සම්බන්ධයෙන් වරදකරු වූ ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක ලෙයන්ඩ්රෝ පරේඩෙස්ට තරග 10ක තහනමක් පනවා ඇති අතර, මෙය 2014 වසරේදී උරුගුවේ ක්‍රීඩක ලුයිස් සුවාරෙස්ට පැනවූ තහනමට පසුව ලෝක කුසලාන ඉතිහාසයේ පනවන ලද බරපතළම දඬුවමකි.
මෙම තහනම හේතුවෙන් 2027 ජූනි දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග 10ම අහිමි වී යන බැවින්, පරේඩෙස්ට වසරක පමණ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වේ. මීට අමතරව, ආර්ජන්ටිනා පසුපෙළ ක්‍රීඩක නහුවෙල් මොලීනාට තරග 7ක තහනමක් ද, තියාගෝ අල්මාඩාට එක් තරගයක තහනමක් ද පනවා තිබේ. මුදලින් ද දඩ නියම කරමින් පරේඩෙස් සහ මොලීනාට අමෙරිකානු ඩොලර් 90,000 බැගින් ද, අල්මාඩාට අමෙරිකානු ඩොලර් 30,000ක දඩයක් ද නියම කර ඇති අතර, ආර්ජන්ටිනා සහකාර පුහුණුකරු රොබර්ටෝ අයාපාට ද තරග 3ක තහනමක් සමඟ ඩොලර් 30,000ක දඩයක් නියම වී ඇත.
අදාළ සිදුවීමට සම්බන්ධ වූ ස්පාඤ්ඤ කණ්ඩායමේ ගාවි හට ද එක් තරගයක තහනමක් පනවා ඇති අතර, එය එළඹෙන සැප්තැම්බර් 26 වනදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන නේෂන්ස් ලීග් තරගයේදී ක්‍රියාත්මක වනු ඇත. තවද, ආර්ජන්ටිනා කණ්ඩායමට හිමිවූ දඬුවම් අතරට ඔවුන්ගේ ඊළඟ ගෘහස්ථ තරගය ක්‍රීඩාංගණ ධාරිතාවෙන් 50%කට සීමා කරමින් පැවැත්වීමට නියෝග කිරීම ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට
කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
සියදිවි නසාගන්න ගිය පුතා නිසා මව සහ පියාටත් දිවි අහිමිවෙයි
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ ලබන සතියේ දිවයිනට
නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාරව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි
පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට ගිය 6කට වැඩ වරදී
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්
නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනපති නිකුත්කළ ශෝක පණිවුඩය
සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්
රුමේෂ් තරංගගෙන් යළිත් සුපිරි දස්කමක්
මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි
දිවිසැරිය නිම කළ නන්දා මාලනියට ජනපති අවසන් ගෞරව දක්වයි