Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි

15 minutes ago

කිලිනොච්චිය, මුරුසමොටේ ප්‍රදේශයේදී නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් වයස අවුරුදු 3ක කුඩා දරුවෙකු ඊයේ (21) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය කුඩා දරුවා සිය සහෝදරයා සමඟ නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයට නැග සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී දරුවන් ට්‍රේලරය තුළ සිටියදීම ඥාතියෙකු විසින් ට්‍රැක්ටර් රථය පණගන්වා මිදුලේ හැරවීමට කටයුතු කර තිබේ.

රථය හරවන අවස්ථාවේදී ට්‍රේලරයෙන් බිමට ඇදවැටුණු කුඩා දරුවා ට්‍රැක්ටරයේ පිටුපස රෝදයට යටවී ඇති අතර, බරපතළ තුවාල ලැබූ දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කිලිනොච්චිය පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *