Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

22 වැනි සංශෝධනය ගැන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය

1 minute ago

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජිත 22 වැනි සංශෝධනය මඟින් ජනතාවගේ පරමාධිපත්‍යයට සෘජුවම බලපෑම් ඇති කරන බැවින්, එය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ලක් කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) දැඩි ලෙස අවධාරණය කරනවා.

යාපනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (22) රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇති බවයි එම පක්ෂය නිවේදනයකරන්නේ.

වත්මන් මාලිමා ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති මෙම නව නීතිමය ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පරමාධිපත්‍යය සමඟ සමීපව බැඳී පවතින හෙයින්, එය පාර්ලිමේන්තුවේ පමණක් සම්මත කරගැනීම ප්‍රමාණවත් නොවන බව පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ. ඒ අනුව, මෙහි සැබෑ අයිතිය හිමි ජනතාවගේ සෘජු අනුමැතිය ලබා ගැනීම පිණිස එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු බවට ඉලංකෙයි තමිල් අරසු කච්චි සභාපති සී.වී.කේ. සිවඥානම් සහ මහ ලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *