Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්

2 hours ago

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම සඳහා සෑම උත්සාහයක්ම දැරුවද, තරගය තමන් දෙරට හරවා ගැනීමට නොහැකි වූ බව ඉන්දීය නායක ශුබ්මන් ගිල් පැවසීය.

පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ විශිෂ්ට පිතිහරඹය ඇගයීමට ලක්කළ ඉන්දීය නායකයා කියා සිටියේ, මෙම තරගයේදී අවසානයේ ජයගත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බවය.

ඉන්දීය පන්දු යවන්නන්ට මහත් අභියෝගයක් වෙමින් කොළඹ SSC ක්‍රීඩාංගණයේ අද (27) අවසන් වූ තරගයේ, ඉනිම් දෙකේදීම ශතක රැස්කිරීමට සෝනල් දිනූෂ සමත් විය.

ඔහුගේ එම ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලබාගැනීමට ඉන්දියාවට තිබූ අහිමි වූ අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ශුබ්මන් ගිල්,

“අපි පන්දුවාර 150ක් විතර යැව්වා. ජයග්‍රහණය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. මම හිතන්නේ නෑ අපිට මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා.

කාලගුණය ගැන හිතලා ගත්ත තීරණ ගැන දැන් කතා කරන්න පුළුවන් වුණාට, ඒ මොහොතේ ගත්තේ හොඳම තීරණ. නමුත් අපේ පැත්තට ගියේ නැහැ. නමුත් ඒක විශිෂ්ට ක්‍රීඩාවක්.

ප්‍රතිවාදීන් නැවත තරගයට අවතීර්ණ වූ ආකාරය ඉතා විශිෂ්ටයි. එයින් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණා. අද සැබවින්ම ජයගත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවයි” යනුවෙන් පැවසීය.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 503/9ට ලකුණු 213ක් පසුපසින් (follow-on) සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයේ පස්වැනි සහ අවසාන දිනය වූ අද තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 429ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ලකුණු 216ක් ඉදිරියෙන් සිටි අතර, දෙපිලේම නායකයන්ගේ එකඟතාවයෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට තීරණය විය.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් ඉන්දියාව තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *