දින දෙකකට පෙර ඇති වූ දරුණු හදිසි ජල ගැලීමෙන්, ජලයෙන් යටවූ නේපාලයේ ට්‍රිෂූලි 3A ජල විදුලි ව්‍යාපෘතියේ උමගක් තුළ සිරවී සිටින පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල හමුදාව සඳහන් කර ඇත්තේ, එම උමග තුළ සිරවී සිටි පුද්ගලයින් 350 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති අතර, තවත් 100කට වැඩි පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා දැඩි අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ මෙහෙයුම් සිදුකරන බවය.
මේ අතර, නේපාලයේ ඇති වූ දැවැන්ත හදිසි ජල ගැලීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
ගංවතුරෙන් මාර්ග, පාලම් සහ විදුලිබල ව්‍යාපෘති ඇතුළු යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව ඇති බැවින්, මුදාගැනීමේ මෙහෙයුම්වලටද දැඩි බාධා එල්ල වී තිබේ.

22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි