මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කර තිබේ.
මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියමය නිකුත් කර ඇති අතර, එය අද (27) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවා ඇත.
මෙම නියමයට අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ඇතුළත් වේ.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා එම දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තීරයද නියමයට ඇතුළත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙම නියමය 2026 අගෝස්තු 25 වැනිදා නිකුත් කර ඇති අතර, 2026 අගෝස්තු 27 වැනිදා සිට එය බලාත්මක වේ.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්