බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු සහ තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සෙසු ප්‍රදේශවල වියළි කාලගුණයක් පවතිනු ඇත.
සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද (28) සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින අතර, අද දහවල් 12:11ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් යන ප්‍රදේශවලට හිරු සෘජුවම මුදුන් වේ.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර