ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් නිධි ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය අභිලාෂ කැඳවමින් ඉදිරි පියවර ගැනීම මෙරට ආර්ථිකයට නව අවස්ථාවක් උදාකර දෙන කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මන්නාරම් ද්‍රෝණියේ හෑරූ ගවේෂණ ළිං හතරෙන් දෙකකම සාර්ථක ලෙස ගෑස් නිධි හඳුනාගෙන ඇති අතර, එය ලෝක මට්ටමේ සාමාන්‍යයන් හා සසඳන විට 50%ක ඉහළ සාර්ථකත්වයක් බව උගතුන් පෙන්වා දෙයි.
තවද මෙම පෙට්‍රෝලියම් සම්පත් මන්නාරමෙන් ඔබ්බට පානදුර දක්වා වූ ගැඹුරු මුහුදු තීරයේද පැවතිය හැකි බවට ගවේෂණ වාර්තා සනාථ කරයි.
2001 සිට වසර 25කට අධික කාලයක් පුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා පෙට්‍රෝලියම් භූ විද්‍යාඥයින් පුහුණු කර ඇති බැවින්, ඉදිරි ගවේෂණ සඳහා අවශ්‍ය දේශීය තාක්ෂණික පිරිස් සපයා ගැනීමේ හැකියාවද පවතී.
දේශීය ගෑස් සම්පත් භාවිතයට ගැනීමෙන් ආනයන සඳහා වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?