Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

50 seconds ago

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇත.

ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 28ක සිට 38ක් දක්වා පුළුල් කිරීමට නියමිතය.

ඒ අනුව, පූජා නගරය තුළ දුම් පිටවන ඩීසල් වාහන සීමා කර, ඒ වෙනුවට විද්‍යුත් බස් රථ යොදා ගනිමින් නගර සභාව යටතේ ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බැතිමතුන් සඳහා පදික මංතීරු, පාපැදි මංතීරු සහ දුම්රිය හා බස්වලින් පැමිණෙන පිරිස් වෙනුවෙන් සිසිල් පරිසරයක් සහිත විවේක ස්ථාන සකස් කිරීම සිදු කෙරේ.

පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලදා, ජනතාව වන්දනාමාන කරන ‘සජීවී ඓතිහාසික ස්ථාන’ ලෙස සලකා බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිතව ඇත.

ඇතුල් නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම්, නිවාස හෝ සාධාරණ වන්දි මුදල් ලබා දීමේ විකල්ප ක්‍රමවේදයන් සැකසීම සිදු කරයි.

අදාළ සැලැස්ම ලබන මස 8 වනදා පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර, 15 වනදා වන විට සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙස ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *