Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි

57 minutes ago

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් භූතානය බලා පිටත්ව ගියාය.

සැප්තැම්බර් 1 වැනිදා පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක පූර්ණ සැසියේදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර ඇය ජාත්‍යන්තර නායකයින් සමඟ සාකච්ඡා පවත්වමින් තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා දායකත්වය උදෙසා වන සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *