2028 සහ 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වීමටත්, 2036 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී සිය ක්‍රීඩා දිවියට සමුදීමටත් තමන් බලාපොරොත්තු වන බවත්, ලෝක ජැවලින් ශූර රුමේෂ් තරංග පවසනවා.
ඒ, ඊයේ (17) පැවති ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා විසින් රචිත ‘අධිෂ්ඨානයේ රන් සලකුණ’ කෘතිය ජනගත කිරීමේ උත්සවයට එක්වෙමින්.
රුමේෂ් තරංග කිසිවෙකුගේ පෞද්ගලික අයිතියක් නොව ශ්‍රී ලංකාවට අයත් ජාතික සම්පතක් ලෙස සැලකිය යුතු බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා එහිදී සඳහන් කළා.
රුමේෂ් තරංග විසින් ශ්‍රී ලංකාවේ නාමය ලෝකය තුළ තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙරට ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර, රුමේෂ් තරංග වෙනුවෙන් කෘතියක් රචනා කිරීමට හේතුව පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පියා සඳහන් කළේ, තමන්ගේ ජීවිත කාලය තුළ තවත් රුමේෂ් තරංගලා දෙදෙනෙකු හෝ තිදෙනෙකු බිහිකිරීම තම අරමුණ බවයි.

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට