වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, වසර ගණනාවකට පෙර සිටි කණ්ඩායමට වඩා බොහෝ ඈතින් සිටින බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කාඩිෆ්හිදී පැවති දෙවන විස්සයි20 තරගයෙන් අනතුරුව ‘SKY Sports’සමග තරග පිළිබඳ පැවති විශ්ලේෂණයේදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද එක්ව සිටි අතර, හෙතෙම පවසා සිටියේ ශ්‍රී ලංකාවට වඩා එංගලන්තය කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටි බවය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නසාර් හුසේන්,
“මම වසර ගණනාවක් තිස්සේ දැක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වර්තමාන කණ්ඩායම බොහෝ ඈතින් ඉන්නේ. ඒක අතිවිශාල කඩා වැටීමක්.
ඉතා හොඳ තණතීරුවල පවා ඔවුන් අපරික්ෂාකාරී පහරවල් එල්ල කරනවා. පසුගිය තරගයේදී වගේම අපි මේ තරගයේදීත් ඒක දැක්කා.
පන්දුවේ වේගය වැඩි වුණ ගමන් ඔවුන්ගේ පහරදීමේ ශෛලිය දුර්වල වෙනවා. කුමන ආකාරයකින් බැලුවත් එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව මේ තරගයේදීත් පූර්ණ ලෙස පරාජය වුණා.
මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේදී නිලකුණු පන්දු 50ක්. පහුගිය තරගයේදීත් නිලකුණු පන්දු 60ක්. එංගලන්තය හයේ පහර 10ක් එල්ලකරද්දී ශ්‍රී ලංකාව එල්ලකළේ හයේ පහර 2ක් පමණයි.
පුහුණුකරු හෝ කවුරු හෝ මේ දත්ත දිහා බලල කතා කළොත් තේරෙනවා, එංගලන්තය වගේ කණ්ඩායමක් එකක් ක්‍රීඩා කරද්දී අඩුම තරමේ ඔවුන්ගේ දක්ෂතා ආසන්නයටවත් පැමිණිය යුතුයි කියලා.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා බොහෝ දුරින් ඉන්නේ” යැයි පැවසීය.
මෙහිදී නසාර්ගේ අදහස් අනුමත කළ කුමාර් සංගක්කාර,
ඔව් ඒක ඇත්ත. ඔවුන් ක්‍රීඩාංගණයේදී ඒක පෙන්නුවා.
චරිත් අසලංක කිව්වා ඔවුන්ට අවශ්‍ය විස්සයි20 කණ්ඩායම වගේ ක්‍රීඩා විලාශයක් නෙමෙයි ඔවුන් පෙන්නුම් කළේ කියලා.
එංගලන්තය වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරද්දි ඒ වෙනස ඉතා හොඳින් පේනවා. ශ්‍රී ලංකා කණ්ඩාමට වඩා එංගලන්ත කණ්ඩායම කැපී පෙනෙන විදිහට ඉදිරියෙන් සිටියා.
ශ්‍රී ලංකාව කණ්ඩායමක් විදිහට තීරණ ගැනීමේදී යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ යුතුයි.
මිෂාරව මේ තරගයේදී අංක තුන ස්ථානයේ ක්‍රීඩා කෙරෙව්වා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම දඟපන්දු යවන්නා වන තීක්ෂණව විකල්ප දඟපන්දු යවන්නෙක් එක්ක මාරු කරලා තිබුණා.
සමහර විට දකුණත් ක්‍රීඩකයෝ විතරක් ඉන්න එක ගැන හිතල එහෙම කරා වෙන්නත් පුළුවන්. කණ්ඩායමක් වුණාම තමන්ගේ හොඳම ක්‍රීඩකයින් ගැන විශ්වාසය තැබිය යුතුයි.
තමන්ගේ ක්‍රීඩකයින්ව හරියාකාරව හඳුනගෙන, ඔවුන් ගැන විශ්වාසය තියලා, ඔවුන්ගේ දියුණු කළ යුතු අංශ ගැන අවබෝධ කරගත යුතුයි.
ශාරීරික යෝග්‍යතාව ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකා කණ්ඩායමට ශාරීරික යෝග්‍යතාව ගැන හුඟක් දේවල් කරන්න වෙනවා. පවර් එක ගැන වගේම කුසලතාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.
නසාර් කිව්ව වගේ දක්ෂ ලෙස පන්දුවට පහරදුන්නට වැඩක් නැහැ, පන්දුවට පහරදීම හරියාකාරව කළේ නැත්නම්. ඒ වගේ ක්‍රිකට් ක්‍රිඩාවේ මූලික සිද්ධාන්ත ගැනත් හිතන්න ඕන.
පන්දු යැවීම සැලසුම් සහගතව සිදුකළ යුතුයි. තරගය කියවා ගැනීම වගේම, පන්දු රකින්නන් නිවැරදිව ස්ථානගත කිරිමත් කරන්න ඕන.
ශ්‍රී ලංකා කණ්ඩායමට තව බොහෝ දේවල් කරන්න තියෙනවා. අපේ ක්‍රීඩකයින්ට කුසලතාව තියෙනවා. ඒත් අපි ඉතා ඉක්මනින් එම හැකියාව ජයග්‍රාහී ප්‍රතිඵල ලබාදෙන විදිහට පරිවර්තනය කරගත යුතුයි” යැයි පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට