Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත

55 minutes ago

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවන්ට අනුව 2026 වසරේ දෙවන කාර්තුවේදී (අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.

පළමු කාර්තුවේදී සියයට 5.1ක වර්ධනයක් පැවති අතර, දෙවන කාර්තුවේදී එය සියයට 4.2ක් දක්වා යම් මන්දගාමීත්වයක් පෙන්වයි. පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) රුපියල් මිලියන 8,254,176ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 11.3ක වර්ධනයකි.

දෙවන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 7.3ක සහ සේවා අංශය සියයට 2.7ක වර්ධනයක් ලබාගෙන ඇති අතර, තොරතුරු තාක්ෂණ (10%), රක්ෂණ (8%) සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ප්‍රසාරණය ඊට ප්‍රධාන වශයෙන් හේතු විය.

කෙසේ වෙතත්, මිරිදිය ධීවර සහ වී වගාව අඩුවීම නිසා කෘෂිකාර්මික අංශය සියයට 2.3ක පසුබෑමක් සටහන් කර ඇත. මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරක ක්ෂේත්‍රය මන්දගාමී වූවත්, ආනයන අමුද්‍රව්‍ය ලැබීම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය ආර්ථික වර්ධනයට රුකුලක් වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *