උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පසුගිය මැයි 24 වැනිදා පැවති මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 163,433 දෙනෙකු පෙනී සිටි බව වාර්තා වනවා.
එම විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතුරින් 15,000ක්ද, විවෘත පදනම යටතේ තවත් 8,000ක්ද සේවයට එක්කර ගැනීමට නියමිතයි.
මෙම බඳවා ගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් මාසයේදී ඔවුන්ට පත්වීම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 6,500ක්ද ලබන වසරේ පෙබරවාරි මාසය වන විට ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බව වාර්තා වනවා.
මෙරට පාසල් පද්ධතිය තුළ මේ වන විට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 40,000 ඉක්මවා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
ඒ අනුව අලුතින් බඳවා ගන්නා සියලුම ගුරුවරුන් දිවයින පුරා පුරප්පාඩු පවතින ජාතික සහ පළාත් පාසල් වෙත කඩිනමින් අනියුක්ත කිරීමට අපේක්ෂිතයි.

අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)