Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුමේෂ් තරංගගේ පිහිටට පැමිණි ඩඩ්ලි සිරිසේන

16 minutes ago

රුමේෂ් තරංගට සෑම වසරකම ලෝකයේ ඉහළම තත්ත්වයේ Javelin spears ලබාදීමට තමන් සූදානම් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රජයෙන් ලබාදෙන Javelin spear එකට අමතරව මෙම සහාය ලබාදීමට රුමේෂ්ගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතා සමඟ දුරකතනයෙන් කළ සාකච්ඡාවකදී පොරොන්දු වූ බවයි.

ඒ වෙනුවෙන් තමන්ට හෝ තම අරලිය ආයතනයට කිසිදු ආකාරයක Sponsorship ලේබලයක් අවශ්‍ය නොවන බවත්, ඔලිම්පික් රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනාදෙන තෙක් රුමේෂ්ට හැකි ආකාරයෙන් සහාය වන බවත් ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කාලයකට පසු ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට පායා ඇති දීප්තිමත්ම තරුවක් ලෙස රුමේෂ් හැඳින්විය හැකි බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලාංකිකයෙකු ලෙස රුමේෂ් ලෝක මට්ටමට රැගෙන යන තෙක් ඔහුට අවශ්‍ය සහාය ලබාදීම රටේ ඉහළ පෙළේ දේශීය ව්‍යවසායකයන්ගේද වගකීමක් බවයි ඩඩ්ලි සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර, ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගත් රුමේෂ් තරංග පසුගියදා දිවයිනට පැමිණියේ මීටර් 91.09ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුවයි.

එහිදී ඔහු රැගෙන පැමිණි Javelin spears 5කට හානි සිදුව ඇති බවද අනාවරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් රුමේෂ්ගේ පියාද මීට පෙර අදහස් පළ කළා.

ඔලිම්පික් රන් පදක්කමේ සිහිනය සැබෑ වන තෙක් රුමේෂ්ව රටක් ලෙස තනි නොකර රැකගත යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *