ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විශමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළේය.
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
2014 ඔක්තෝබර් 22 දින නිකුත් කළ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම හේතුවෙන් ඇති වී තිබෙන වැටුප් විශමතාව පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු විය.
ගුරු සේවයේ 1 වන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින විශාල වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව මෙහිදී නිලධාරීහු පැවසූහ. එසේම 03/2014 චක්‍රලේඛය මගින් විදුහල්පති සේවයට පත් වන අවස්ථාවේ ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ රැඳී සිටියා නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් නැවතත් වැටුප් පරතරයක් ඇතිවන බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
ඉලක්කයටත් එහා ගිය සැප්තැම්බර් රේගු ආදායම
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිලිත් ජයවීර කළ ඉල්ලීම
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි