Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ

23 minutes ago

එංගලන්තය සමග පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් පනවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාල වේලාව තුළ පන්දුවාර 3 ක් අඩුවෙන් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

පිටියේ විනිසුරුවන්ගේ දැනුම්දීම මත එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්රෝ විසින් මෙම දඩය පනවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය මේ වනවිට එකට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවන අතර දෙරට අතර දෙවන එක්දින තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *