Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්

1 hour ago

විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලීසිය ඇතුළු අදාළ ආයතන ශක්තිමත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙලෙස ශක්තිමත් කර ඇති අතර, නව අංශ කිහිපයක් ද පිහිටුවීමට කටයුතු කර ඇති බවයි.

එසේම පොලීසියේ යටිතල පහසුකම් වර්ධනය කිරීමට ද පියවර රැසක් ගෙන ඇති බව ද, ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ කැබ් රථ ලබා දී ඇති අතර, යතුරුපැදි 750 ක් ලබා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව පොලිස් ස්ථානවල නිල නිවාස සහ බැරැක්ක අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන අතර, වසර ගණනාවකින් ලබා නොදුන් සපත්තු සහ නිල ඇඳුම් ද මේ වන විට ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ASP තනතුරුවලින් පහළ නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි ලබා දීමට අයදුම්පත් කැඳවා ඇති අතර, 65,000කට යතුරුපැදි ලබා දීමට බලාපොරොත්තු වන බවත්, ASP තනතුරුවලින් ඉහළ නිලධාරීන් වෙනුවෙන් විද්‍යුත් මෝටර් රථ 400 ක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් ඔහු පැවසුවා.

මෙම සියලු පියවර ගෙන ඇත්තේ විමර්ශන ශක්තිමත් කිරීම සහ අභිප්‍රේරණය වූ පොලිස් නිලධාරියෙකු නිර්මාණය කිරීම උදෙසා බවත්, එහි ප්‍රතිඵල ලැබෙමින් CID සහ FCID වැනි ආයතන මේ වන විට සක්‍රීය වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *