Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට විශේෂ පොලිස් ආරක්ෂාවක්

3 hours ago

ජීවිත තර්ජනයක් එල්ලවීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, ඔහුගේ පෞද්ගලික පොලිස් ආරක්ෂක නිලධාරියාට අමතරව තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළුව සිව්දෙනෙකුගෙන් සමන්විත පොලිස් ආරක්ෂක කණ්ඩායමක් මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම ජීවිත තර්ජනය ඇතුළත් ලිපිය මහේස්ත්‍රාත්වරයා වෙත ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බව වාර්තා වුණා.

අදාළ පැමිණිල්ල සැලකිල්ලට ගත් පොලිස්පතිවරයා, සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය මඟින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහි නිලධාරීන් පසුගිය 29 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇති බව සඳහන්.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *