ජීවිත තර්ජනයක් එල්ලවීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව, ඔහුගේ පෞද්ගලික පොලිස් ආරක්ෂක නිලධාරියාට අමතරව තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළුව සිව්දෙනෙකුගෙන් සමන්විත පොලිස් ආරක්ෂක කණ්ඩායමක් මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම ජීවිත තර්ජනය ඇතුළත් ලිපිය මහේස්ත්‍රාත්වරයා වෙත ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බව වාර්තා වුණා.
අදාළ පැමිණිල්ල සැලකිල්ලට ගත් පොලිස්පතිවරයා, සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය මඟින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහි නිලධාරීන් පසුගිය 29 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇති බව සඳහන්.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබනවා.

හිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව
ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නියෝගයක්
ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින් Uber Black මෙරටට
අහුංගල්ලේ වෙඩි තැබීමක්! ලොකු පැටීගේ සහෝදරයා මරුට!
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම ඉවතට
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
ක්ෂණික ණය මුදල් ලබාගන්නා පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද සිට වැස්ස වැඩිවෙයි
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක්
ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්
IOC ඉන්ධන මිලත් ඉහළට
ඉන්ධන මිල ඉහළට