Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක්

11 minutes ago

විවිධ ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන වෙනස් පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය යොමු වී තිබෙනවා.

එම කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය මනා සම්බන්ධීනරණයකින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

රජය ක්‍රියාත්මක කරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය පිළිබදව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *