දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත වන අතර, ඔවුන්ගේ සිහින හා හඬට අද දවසේම ඉඩ සලසන සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයක ප්රමුඛ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දින සුබපැතුම් පණිවුඩයෙන් අවධාරණය කරයි.
ජාති, ආගම් හෝ ආර්ථික පසුබිම මත කිසිදු දරුවෙකුට අධ්යාපනය බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන, කුසලතා පදනම් කරගත් නව අධ්යාපන ප්රතිසංස්කරණ ආරම්භ කර ඇති බව සඳහන් කළේය.
අස්ථාවර ආර්ථික සෙවණැලිවලින් තොර සුන්දර ළමාවියක් වෙනුවෙන් ආර්ථිකය නිවැරදි මාවතට යොමුකරමින් සිටින බවත්, ශිෂ්යත්ව පුළුල් කිරීම හා රැකවරණය අවශ්ය දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
දරු පරපුර මත්ද්රව්ය උවදුරෙන් මුදාගැනීමට “රටම එකට” ජාතික මෙහෙයුම ක්රියාත්මක කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව යටතේ සංවිධානය කර ඇති ජාතික ළමා දින සැමරුම ද අගය කළේය.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට