2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට පෙර 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 07 වැනිදා සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා රැස්වූ අවස්ථාවේදී අයවැයට අදාළ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැය කථාවෙන් අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන්.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතයි.
එම විවාදයෙන් අනතුරුව අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය විවාද පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දිනවලට අමතරව සෙනසුරාදා දිනවලදීද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව සඳහන්.
මේ අතර, දෙවැනිවර කියවීමේ විවාදය සඳහා වෙන්කරන කාලයෙන් 60%ක් ආණ්ඩු පක්ෂයටත් 40%ක් විපක්ෂයටත් ලබාදීමට තීරණය කර තිබෙනවා.
කාරක සභා අවස්ථාවේ විවාදයේදී එම අනුපාතය වෙනස් කර ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් ලෙස කාලය වෙන් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට