2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට පෙර 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 07 වැනිදා සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා රැස්වූ අවස්ථාවේදී අයවැයට අදාළ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැය කථාවෙන් අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන්.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතයි.
එම විවාදයෙන් අනතුරුව අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය විවාද පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දිනවලට අමතරව සෙනසුරාදා දිනවලදීද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව සඳහන්.
මේ අතර, දෙවැනිවර කියවීමේ විවාදය සඳහා වෙන්කරන කාලයෙන් 60%ක් ආණ්ඩු පක්ෂයටත් 40%ක් විපක්ෂයටත් ලබාදීමට තීරණය කර තිබෙනවා.
කාරක සභා අවස්ථාවේ විවාදයේදී එම අනුපාතය වෙනස් කර ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් ලෙස කාලය වෙන් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඉන්ධන මිල ඉහළට
උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පුරෝකථයක්
අරවින්ද සිල්වාගේ හා බිරිඳගේ රු. මිලියන 40ක ඇප මුදල් රාජසන්තක කෙරේ
කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා සිය ජීවිතය ගැන ගත් තීරණය
රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්
මේ පාර ළමා දිනයට ළමයින්ට දෙන හොඳම තෑග්ග
ආදායම් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
රනිල්ගේ නඩුව කල්යයි
ඉන්ධන මිල සංශෝධනය අද රෑ ?
නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප හිමිවෙයි
විමල් වීරවංශ අනිද්දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට