Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඥානසාර හිමියන් අද අධිකරණයට

7 hours ago

අධිකරණය වරෙන්තු ලබා සිටියදී තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණයට අපහාර කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම ව සිටි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව ඒ හිමියන්ට විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුණි.

මෙලෙස වරෙන්තු නිකුත්ව තිබියදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයකදීය.

එහිදී අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේදීම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන එනු ලැබීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *