Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැය 24ක් තුළ සිව් දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරු

6 hours ago

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව කළුතර උතුර, දියගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් මියගිය 23 හැවිරිදි තරුණයාගේ උපන්දිනය ඊයේ (03) දිනයට යෙදී තිබී ඇති බව ද සඳහන්.

මියගිය තරුණිය 16 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අම්පාර, ධර්මපාල මාවතේදී කල්මුණේ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *