මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට සිදුකළ දැනුම්දීම සම්බන්ධව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) අදහස් දැක්වීය.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ඉල්ලීමක් කළද ජනතාව මත සමස්ත බර පැටවීමකින් තොරව සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබා දීමටද රජයට හැකි වූ බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙර සිට විදුලි, ජලය ඉන්ධන සඳහා සිදුකරන සැපයීම්වලදී පිරිවැය ගැලපීමට උපදෙස් ලබා දී ඇති නමුත් රජය විසින් සමස්ත බර ජනතාව මත පටවා නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙර සිටම එන්නේ මෙවැනි විදුලිය, ජලය, වැනි සැපයුම්වලදි පිරිවැය ගලපන්න කියන එක ඒක තමයි ඒ අය කියන දේ. අපි පිරිවැය ගැලපීමට උත්සාහ කරන අතරෙම හැබැයි සමස්ත පිරිවැයම ජනතාව මත පටවන්නේ නැතිව මේ රජය සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ගිය සැරේ ඩීසල් රුපියල් 100ක් ලබා දුන්නා. දැන් ඩීසල්වලට රුපියල් 70ක් ලබා දීලා තිබෙනවා ලීටරයකට, ගියවර පෙට්‍රල්වලට ලීටරයකට රුපියල් 20ක් ලබා දුන්නා එහෙම කටයුතු කරන් යනවා අනාගතයේදී ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවඡනය වීම අනුව අපි බලමු. මූල්‍ය අරමුදල පිරිවැය ගලපන්න කියලා තියෙද්දිත් ආණ්ඩුවට පුළුවන් වෙලා තිබෙනවා ජනතාව වෙනුවෙන් ඒ සහන ලබා දෙන්න.”

පස්වරු 1න් පස්සේ එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා
සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
දැඩි කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට
රිමාන්ඩ් කෙරුණු ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට