Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රිමාන්ඩ් කෙරුණු ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්

60 minutes ago

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ, බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රැඳවීමට කටයුතු කර ඇති බවය.

රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ආවේය.

අධිකරණ නියෝග මත ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනිම සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *