Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැඩි කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

55 minutes ago

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කර සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ අධිකරණ ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු වුවද, භික්ෂූන් වහන්සේනමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූවක් නොවන බවත්, එය ගරුතර මහා සංඝරත්නයට පමණක් අයත් ශාසනික කර්තව්‍යයක් බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.

එම ලිපියේ දක්වා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ.

භික්ෂූන් වහන්සේනමකගේ පැවිදි බව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලධිකාරිය ඇත්තේ අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට බවත්, ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එහි සඳහන් වේ.  

බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසියට අනුව, වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතු අතර, වරදකරුවන් වීමට පෙර ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඉඩ දිය යුතුය. භික්ෂූන් වහන්සේනමක් සම්බන්ධයෙන් “වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම” වන්නේ චීවරය මිස ගිහි ඇඳුමක් නොවන බව මහානායක හිමියන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17(3) රීතිය ප්‍රකාරව, සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන සෑම අවස්ථාවකදීම ඔහුට තමාගේම පෞද්ගලික ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුම් ඇඳීමට අවසර දිය යුතු බවද මතක් කර දී ඇත.  

එබැවින්, ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ද අඛණ්ඩව චීවරධාරීව (භික්ෂු භාවයෙන්) පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙසත්, බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාව තුළ භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවකාශ සලසන ලෙසත් මහානායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිති. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *