කුඩා දරුවෙකුගේ සිට වයෝවෘද්ධ පුද්ගලයෙකු දක්වා මෙන්ම සමාජයේ ඕනෑම තරාතිරමක අයෙකුට මානසික රෝග ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එය තමන්ට හෝ තම පවුලේ අයට නොවැළඳෙන දෙයක් ලෙස නොසිතන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට අනතුරු අඟවයි. මානසික රෝග සඳහා කිසිවෙකුටත් පූර්ව ප්‍රතිශක්තියක් හෝ එන්නතක් නොමැති අතර, එවැනි තත්ත්වයකට පත්වන පුද්ගලයන් පහත් කොට නොසලකා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් බව ඔවුහු අවධාරණය කරති.
මානසික රෝගවලදී පුද්ගලයෙකුගේ සිතුවිලි හා හැසිරීම්වල වෙනස්කම් සිදුවන බවත්, එදිනෙදා වැඩකටයුතු කරගැනීමට අපහසු වීම, අන් අයට නොඇසෙන කටහඬවල් ඇසීම සහ ඇතැම් කාලවලදී අධික ලෙස වියදම් කිරීම වැනි වෙනස්කම් මඟින් එම රෝගී තත්ත්වය අවට සිටින අයට පැහැදිලිව හඳුනාගත හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එබැවින් මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් සුදුසුකම්ලත් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් හෝ වෙනත් සුදුසුකම්ලත් වෛද්‍යවරුන් වෙත යොමු කර, නියමිත ප්‍රතිකාර හා ඖෂධ නිසි පරිදි ලබාදීමෙන් රෝග තත්ත්වය පාලනය කර එම පුද්ගලයන් යථා තත්ත්වයට පත්කළ හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

විදෙස් සංචිතය පල්ලම් බසී
නව යතුරුපැදි ලියාපදිංචිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5කදී නැවත ඇරඹේ
ඉදිරියේදී VAT බද්දේ වෙනසක්
මෙන්න Real Estate ක්ෂේත්රයේ ලැව්ගිනි වගේ පැතිරෙන අලුත්ම News එක! ලංකාවට ඩොලර් ගේන ගේමට Primeට ඕස්ට්‍රේලියාවෙන් සුපිරි Recognition එකක්!
ජනාධිපති අනුර කුමාරගෙන් තීරණාත්මක පියවරක්! බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නීති සංශෝධනයට කමිටුවක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප
ඥානසාර හිමියන්ගේ චීවරය වෙනුවෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාමට මහාධිකරණයෙන් නියෝග
කුසල් මෙන්ඩිස්ට පැවරුණු අලුත්ම වගකීම
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගනී
ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි
සෞදිය විසින් අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතුයි – ඇම්නෙස්ටි සංවිධානය