Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මානසික රෝග ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

5 hours ago

කුඩා දරුවෙකුගේ සිට වයෝවෘද්ධ පුද්ගලයෙකු දක්වා මෙන්ම සමාජයේ ඕනෑම තරාතිරමක අයෙකුට මානසික රෝග ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එය තමන්ට හෝ තම පවුලේ අයට නොවැළඳෙන දෙයක් ලෙස නොසිතන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට අනතුරු අඟවයි. මානසික රෝග සඳහා කිසිවෙකුටත් පූර්ව ප්‍රතිශක්තියක් හෝ එන්නතක් නොමැති අතර, එවැනි තත්ත්වයකට පත්වන පුද්ගලයන් පහත් කොට නොසලකා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් බව ඔවුහු අවධාරණය කරති.

මානසික රෝගවලදී පුද්ගලයෙකුගේ සිතුවිලි හා හැසිරීම්වල වෙනස්කම් සිදුවන බවත්, එදිනෙදා වැඩකටයුතු කරගැනීමට අපහසු වීම, අන් අයට නොඇසෙන කටහඬවල් ඇසීම සහ ඇතැම් කාලවලදී අධික ලෙස වියදම් කිරීම වැනි වෙනස්කම් මඟින් එම රෝගී තත්ත්වය අවට සිටින අයට පැහැදිලිව හඳුනාගත හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එබැවින් මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් සුදුසුකම්ලත් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් හෝ වෙනත් සුදුසුකම්ලත් වෛද්‍යවරුන් වෙත යොමු කර, නියමිත ප්‍රතිකාර හා ඖෂධ නිසි පරිදි ලබාදීමෙන් රෝග තත්ත්වය පාලනය කර එම පුද්ගලයන් යථා තත්ත්වයට පත්කළ හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *