Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන

20 minutes ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.

ඒ අනුව, ඊයේ (12) සහ අද (13) යන දෙදින දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 100කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු හා අපේක්ෂිත ප්‍රතිඵල, සංශෝධිත ජාතික විෂයමාලා රාමුව, අධ්‍යාපන පරිපාලනය, භෞතික සම්පත් සංවර්ධනය, පාසල් පාදක ඇගයීම් සහ සහතිකකරණය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී සහභාගිවන්නන් දැනුවත් කිරීමට නියමිතය.

අධ්‍යාපන පද්ධතියේ සියලු පාර්ශ්ව වෙත නව ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම සහ එම ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

එමෙන්ම, නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමද මෙහි තවත් අරමුණකි.

මේ අතර, වැඩසටහන් මාලාවේ අවසන් අදියර ලෙස නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සුදුසු දින ගණනක් වෙන්කර එම පාසල්වල සියලුම සිසුන්ගේ දෙමාපියන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *