Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කළුතර අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

17 minutes ago

කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (නොවැම්බර් 13) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා කළුතර දකුණ, ගල්ලස්ස ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුවූ අතර, එම ප්‍රහාරයෙන් අවන්හල් හිමිකරු මෙන්ම ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකරන කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ සවස කළුතර ප්‍රදේශයේදීම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *