Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදත් දිවයින පුරා මහ වැසි! පළාත් කිහිපයකට දිවා කාලයේත් වැසි!

3 years ago

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(03) දිනයේ දී ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්, වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද වැසි ඇති වෙනවා.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවි‍ය හැකි බවත්, දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *