ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කාර්ය ඊයේ (4 දා) සිට ආරම්භ කර ඇත.
එහි මූලික අධියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත්කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට එහි හිමිකරු ඊයේ කටයුතු කළේය.
කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට විරෝධය පළකරමින් එහි සේවකයින් පිරිසක් ඊයේ දහවල් විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අතර එහි භාණ්ඩ කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙනයෑමට නොහැකි වන ලෙස අවහිර කිරීමට ඔවුහු කටයුතු කළහ.
පසුව පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කර කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ඉවත්කර ගැනීමට පහසුකම් සලසා දී තිබිණි.
ඉකුත් මාර්තු 30 වැනිදා රාත්‍රි රාජ්‍ය ඇමැතිගේ මැරයන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු වන ඕමාන් ජාතික ව්‍යාපාරිකයා කටානේ පිහිටි සිය කර්මාන්ත ශාලා භූමිය වෙත කිසිම අවස්ථාවක පැමිණ නැත.
ආරංචි මාර්ග පවසන අන්දමට මෙම කර්මාන්ත ශාලාව හා එය පිහිටි භූමිය වෙනත් පෞද්ගලික ආයතනයකට විකිණීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී.
මෙම කර්මාන්ත ශාලාව වෙත වාහන කුලී පදනම මත ලබාදීමට යෑමේදී සිදුවූ ආරවුලක් මත රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් විසින් කර්මාන්ත ශාලාවේ හිමිකරුට හා ආරක්ෂක නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී දේපළවලට ද හානි කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කළ අතර රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
(හේමන්ත රන්දුණු – දිවයින)


නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ