Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති මැරයින්ගේ යකා නැටීම නිසා ඕමාන ආයෝජකයා සිය ගණනකට රැකියා අහිමි කරමින් කම්හල ගලවාගෙන ලංකාවෙන් පිටවෙයි

3 years ago

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කාර්ය ඊයේ (4 දා) සිට ආරම්භ කර ඇත.

එහි මූලික අධියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත්කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට එහි හිමිකරු ඊයේ කටයුතු කළේය.

කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට විරෝධය පළකරමින් එහි සේවකයින් පිරිසක් ඊයේ දහවල් විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අතර එහි භාණ්ඩ කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙනයෑමට නොහැකි වන ලෙස අවහිර කිරීමට ඔවුහු කටයුතු කළහ.

පසුව පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කර කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ඉවත්කර ගැනීමට පහසුකම් සලසා දී තිබිණි.

ඉකුත් මාර්තු 30 වැනිදා රාත්‍රි රාජ්‍ය ඇමැතිගේ මැරයන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු වන ඕමාන් ජාතික ව්‍යාපාරිකයා කටානේ පිහිටි සිය කර්මාන්ත ශාලා භූමිය වෙත කිසිම අවස්ථාවක පැමිණ නැත.

ආරංචි මාර්ග පවසන අන්දමට මෙම කර්මාන්ත ශාලාව හා එය පිහිටි භූමිය වෙනත් පෞද්ගලික ආයතනයකට විකිණීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී.

මෙම කර්මාන්ත ශාලාව වෙත වාහන කුලී පදනම මත ලබාදීමට යෑමේදී සිදුවූ ආරවුලක් මත රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් විසින් කර්මාන්ත ශාලාවේ හිමිකරුට හා ආරක්‍ෂක නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී දේපළවලට ද හානි කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කළ අතර රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
(හේමන්ත රන්දුණු – දිවයින)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *